ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Saturday, July 4, 2015

බයියෙක් වෙලා ජෙප්පෙක් වෙලා ටොයියෙක් වෙච්ච මිනිසෙකුගේ කතාවක්...


මම ගමේ බයියෙකු වෙමි. හද්දා පිටිසර ගමක ඉපිද, 
විශ්ව විද්‍යාලය සදහා කොළඹ පැමිණ, එහිදී ජෙප්පෙක් වුනිමි. 
රැකියාව නිසා ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය 
ඇතුළු ලෝකයා සියැසින් දැකගතිමි.
මගේ ගමත්, කොලඹත්, අපේ ලංකාවත් එසේ වේ යයි බලා සිටියෙමි.

මම අතීතයට යමි. මම යුද්ධය සියසින් දුටුවෙමි. 
ජිවිත බියෙන් එහි රුදුරු බව වින්දෙමි.
ගමේ දී වෙඩි හඩට බියවී අම්මාට ගුලිවුනෙමි. 
කොළඹදී බෝම්බ වලට බියවී අසරණ වුනෙමි.
සියලු දෙනාගේ එකතුවෙන් යුද්දය දිනු දා සියැසින් දුටිමි. වින්දෙමි.

යුද්දෙන් පසුව වූ රටේ සංවර්ධනය සියැසින් දුටිමි. 
මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කලෙමි.
ය, මහින්දට කලා හැකි බව හිතුවත් 
මහින්දගේ අඩුපාඩු වලට 'පාඩමක්' ඉගැන්වීම ඕනවුනි. 
යහපාලනයත්, වඩා හොද රටේ සංවර්දනයක් වෙනුවන් 
මම මෛත්‍රීට කඩේ ගියෙමි. 
ජනවාරි 8 වනදා මම ටෝයියෙක් වීමි.

පසුගිය දින 185 ක් ඇතුලතදී මා බලාපොරොත්තු වූ 
යහපාලනය හා රටේ සංවර්ධනය සිහිනයක් වුනි. 
යමක්වුනි . බොහෝ දේ නොවුනි
නායකත්වයේ දුබලත්වයත් , නොහැකියාවත් අත් දුටිමි. 
කෝටි 750 ක් බැදුම්කර මගින් මහින්දට වඩා හොරකම් කර, කෙළ වු 
ආණ්ඩුවක් ඉතුරුවුනි. 

ඉස්සර ගමේ සිට පැමිණ නහය ඇරගෙන බේරේ වැව ලඟින් බහින්නට හැදුව, 
කුණුගොඩක් වී තිබුන පිටකොටුව මතක් වුනි.
කොළඹ ලස්සන කිරීමට ගොඩ නැගු ෆ්ලොටින් මාකට්,
ආකේඩ්,නාවල උයන් ගෝල්ෆේස් එකේ සිට සියලුම පේමන්ට් සාදා,           දියත උයන සහ වෝටර්ස් ඒජ්, සිතුවේවත් නැති හයි වේ, 
ගුවන් පාලම සාදා 
මාර්ග අවහිර අඩු කර රට හිතා ගන්නට බැරි විදියට දියුණු වන හැටි සියැසින් දුටුවෙමි.
මගේ ගමේ ඇති කිසිම දේශපාලකයෙකුගේ ඇස නොගැටුණ පාරවල් 
කාපට් වුන හැටි සියසින් දුටුවෙමි..
නමුත් මා තව තවත් හොද රටේ සංවර්දනයක් වෙනුවන්,
යහපාලනයක් වෙනුවන් පෙනී සිටියෙමි.

යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු. 
යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු. 
ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.

මෛත්‍රී ජනපති වුන එක ගැන දුකක් නැත. නැවතත් මේ රටේ ඉදිරියට යා යුතුය. 
රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරමි. 

රැකියාවේ දී දහස් ගණන් වියදම් කර 
නායකත්ව පුහුණු මගින් ඉගෙනගත් දේ මම ඔබ තුල දුටිමි.
දැක්කම, නායකත්වයේ මෘදු බව, අවලාද වලින් නොසෙල්වෙන ඉවසීම, රට ට ඇති ආදරය, මිනිසුන්ට ඇති ලෙන්ගතු බව මම දුටුවෙමි.

මම නැවතත් ගමට ඒමි. ගමේ බයියෙකු වෙමි.
අගමැති විය යුත්තේ මහින්ද මය. මම දැන් සිතමි.


Friday, June 26, 2015

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරවන ලදී....


මාස ගණනක බාලගිරි දෝශය නිමා කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරවනු ලැබීය. ආණ්ඩු පක්ෂයේද, විපක්ෂයේද, බලාපොරොත්තුව වූ පාර්ලිමේන්තුව විසිරවීම අද මධ්‍යම රාත්‍රියේදී සිදු වෙන්නට නියමිතය. මේ ගැන ලියන්නට කලියෙන් ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණයේ, ප්‍රභලතම අනාවැකිය වූ දේශපාලන සාධකය ලෙස, අපට හැඟෙන සිද්ධීන් දෙක පහතින් දක්වමු.

මෛත්‍රී - මහින්ද, කථානායක නිල නිවසේදී රහසිගතව හමුවෙති.

රාජිත සේනාරත්න, හදිසියෙන්ම හිටපු ජනපති බැහැ දකියි..

මේ සිද්ධීන් දෙකේ බර පිළිබඳව ඔබට සිතන්නට ඉඩ තබා, පාර්ලිමේන්තුව විසුරවීම පිළිබඳ සටහන පසුව ලියන්නට තීරණය කරමු.




ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන, සියළු දෙනාට සුභ පැතුම් එක් කරන අතර, ජය ප්‍රාර්තනා කරමු.

Wednesday, June 24, 2015

අනුර දිසානායකගේ මාක්ස්වාදී හෙළුව සහ ධනවාදී සීතාඹර සළුව...


ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම පහළ මධ්‍යම පන්තියත්, කුල පිඩිතයනුත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත් අකර්ශනිය වූ පක්ෂයකි . යමක් තේරුම් බේරුම් කරගත හැකි සහ අනෙකාගේ දුක දැනෙන රට පිලිබඳ හැගීමක් සහිත මිනිසුන් ඒකරාශි වී ආරම්භවූ දේශපාලන ව්‍යපාරයක් වුවද නායකත්වය සහ ආරම්භක සාමාජිකත්වය මාක්ස්වාදී විය. 

එනමුත් මාක්ස්වාදයේ එන සමහර කොටස් වෙනස් කරමින් රටට ගැලපෙන ලෙස සකස් කිරීම රෝහණ විජේවීරයන් විසින් කරන ලදී. අඩු පාඩු මතු වුවද, නිර්ධන පංති වියාපාරය තුළ දැඩි විශ්වාසයක් ගොඩ නැගීමට එදා විජේවීරයන් සමත් විය. 
ආරම්භ වී සුළු කලකින්ම සන්නද්ධ අරගලයකට බට, ජවිපෙ කියුබානු පන්තියේ ජයග්‍රහණයක් ප්‍රර්ථනා කරන්නට වි නුමුදු ජයග්‍රහණය කෙසේ වෙතත් ජිවිත දහස් ගණනක් බිලිදී අරගලය අවසන් විය.  ජවීපෙ 19

ඉන්පසු නැවත 1993 සිට සංවිධානය වන ජවිපෙ තෝරා ගන්නා මාවත වන්නේ, ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය තුලින් සමාජ වාදයකි. එය ඉතාමත් කෙටි කලකින් ජනතා ආකර්ශනය දිනාගන්නා ස්වභාවයක් පිළිබිඹු විය. 1994 වසරේ එක් ජනතා නියෝජිතයෙක් තෝරා දෙන ජනතාව පිළිවෙලින් 2000 දස දෙනෙකුද 2001 වසරේ 16 දෙනෙකුද 2014 වසරේ 41 දෙනෙකු වශයෙන් ජනතා ප්‍රසාදයට ලක් වන්නේය. එසේ වේගයෙන් ඉදිරියට එන පක්ෂයේ ගමන පිළිබඳව රනිල් වික්‍රමසිංහ පවසන්නේ අපට ඊළඟ තරගය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බවකි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය දෙන ජවිපෙ, ඉන් අනතුරුව වමේ ව්‍යපාරයට ඉතා ලංවූ ශ්‍රී ල නි ප ය ප්‍රමුඛ වමේ සන්ධානයට පස්ස හරවා විපක්ෂයේ අසුන් ගත්තේය . පිරිහීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. රට පීලිබඳ වැඩි ලෙන්ගතු කමින් පැමිණි ජවිපෙ ඉන් අනතුරුව රටට ද්‍රෝහී පිලිවෙතට තල්ලු කරන ලද බලවේගය කුමක්ද?

අපගේ ප්‍රස්තුත කාරණාව ආරම්භ වන්නේ එතැනදීය . එදා ජවිපෙන් එලියට පැමිණි විමල් විරවංස කියූ ලෙසත් අද ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දැන් කියන ලෙසත් එම පිලිපැනීමේ නියමුවා අනුර දිසානායකයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල එදා විමල්ට පහර දෙන සැණින් රවී කරුණානායක හරහා සිරස නාලිකාව දැනගත් ආකාරය අද හොදින් පැහැදිලියි. ආසන 41ක් ලබාදී ඊළඟ පිම්මට ජනතාව සූදානම් කරන ලද පක්ෂය අනුර දිසානායක විසින් ඉතා නින්දිත ලෙස පාවා දෙනු ලැබිය . එනම් රනිල් වික්‍රමසිංහ විසින් එදා ප්‍රකාශ කළ අනතුර පහ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසන ලද බව මින් පැහැදිලිය. CIA සහ RAW ඔත්තුකරුවෙකු වූ අනුර දිසානායක ගේ භූමිකාවේ දිග පළල, අද සිටින අයට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. මන්ද අසන 41 ලැබ ඉහල ස්ථානයක ජනතා ප්‍රසාදයක් දිනා සිටි ජවිපෙ අද අත් වී ඇති ඉරණම තුළින් මෙය විග්‍රහ කරගත හැක.

ජවිපෙ පදනම වී ඇත්තේ ශ්‍රී ල නි ප ප්‍රමුක වමේ සංදර්භය තුලය. එසේ නොවී අන්ත දක්‍ෂිනාකශික එජාප කදවුර තුල නොවේ. පක්ෂය රවටා රට රවටා හොර රහසේ අනුර දිසානායක ප්‍රමුඛ ද්‍රෝහී කල්ලිය ජවිපෙ අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහගේ දෙපතුලට පක්ෂය දක්කාගෙන යන ලද්දේ ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයටය. එම වසල ක්‍රියාව සාධාරණිකරණය කිරීම සඳහා පක්‍ෂ සමාජිකයන්ට දෙසා වදාරන්නේ ඒවා සියල්ල උපක්‍රම බවය. සෑම විටම එයට දෙන පිළිතුර වන්නේ ධනේශ්වර ක්‍රමයට අර්බුධයට යවා ජනතාව අන්ත අසරණ කළ විට සියළු ජනයෝ අප පසු පස එනවා කියාය. නමුත් සත්‍ය නම් ධනපති පන්තියේ ඔඩොක්කු කුක්කෙකු වූ අනුර දිසානායකත් ඔහුට බැලමෙහෙවර කරන ඊනිය විප්ලවවාදී නායක මහත්වරු කීපදෙනෙකු නැවත හැරීමට නොහැකි ලෙස උන්ගේ යටහත් සේවකයන් වී ඇති බවයි.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත් පසු යුද්ධය ආරම්භ කරන ලෙස පස්පඩංගුවේ මහින්දට බැන වැදුනු ජවිපෙ, යුද්ධය ආරම්භකොට සාර්ථක වෙමින් තිබියදී ආණ්ඩුව පෙරලීම සඳහා අයවැය පැරදවිමට චන්දය පාවිචිචි කළ අයුරු මතකයට නැගුවෙනම්, එදා ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදය කියූ ජවිපෙ වැටි ඇති ඉරණම තේරුම් ගැනීමට අපහසු නොවේ. ජාතිකවාදී පිලේ සිටි විමල් වීරවංස ඇතුළු කණඩායම පක්ෂය හැරයාමත් සමඟම ද්‍රෝහී අනුර කුමාර දිසානායකගේ පිල ශක්තිමත් විය. උපතින්ම අමු කුහකයෙකු වූ ටිල්වින්, විරවංස භීතිකාවෙන් පෙලීම නිසාම අනුරට සහය දක්වන්නට විය එදා මේවාට විරුද්ධව වුවද, උපතින්ම නායකත්ව ලක්ෂණ අහිමි සෙවලයෙකු වූ සෝමවංශට පක්ෂය මෙහෙය විය නොහැකි විය . රටින් පිට සිටියදී කළ දේ රට තුලට පැමිණි විට කල නොහැකි විය. ඔහුගේ දියාරු ස්වභාවය නිසා ද්‍රෝහී අනුර දිසානායක ඔහුගේ පාවාදීම ජයටම කරගන යාමට හැකිවිය . ප්‍රතිපලය වුයේ කුමක්ද? ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික පරයන්ගේ උවමනාව වූ මහින්ද පැරදවීම සඳහා 2010 සරත් ෆොන්සේකා පිල්ලියට කඩේ යාමට අනුර දිසානායක පක්ෂය මෙහෙය විය. යුද්ධය දිනා දුන් නායකයාට එදා එරෙහි වූ අනුර දිසානායක ද්‍රෝහීයා 2015 දී එරෙහි වීම අරුමයක්ද?

රනිල් වික්‍රමසිංහගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර දිසානායක පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.

විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද? එසේ මුත් නායකයන්ගේ ළමා ළපටින්ට ඉතා හොඳ අධ්‍යාපනයක් DS , විශාකා ආදී පාසල් වල ලබාදෙන අතර පෙර සඳහන් කල සුත්‍රය ඒ අදාළ වන්නේ නැත. එය සෝමවංසගේ පුතාටද අදාල නැත. දැඩි හීනමානයකින් පෙලෙන අමු දුෂ්ටයෙකු වූ දිසානායක තෙමේ වෛරයෙන් හළ හල විෂ සහිතව දැන් පිස්සුවෙන් මෙන් කියවන්නේ හරියට අපි 2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩු පෙරලා ජනපතිවරු ඉවත්කොට මජර ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් හා ආණ්ඩුවෙන් පත් කළ අයුරිනි.
මේ වන නැස්පත්තිය අප දන්නා සියළු ආකාර වලින් එදා කියද්දී අමු හෙළුවෙන් රනිල්ට කඩේ ගිය අනුර දිසානායක නම් නිචයා දැන් අපට කියන්නේ මේ සියළුම දෑ අප විසින් කරණ ලද වැරදි ආකාරයටය. ජනතාව රවටමින් ඉතා පහත් ආකාරයට හැසිරෙන මේ මිනිසා පෙනෙන්නට හදන්නේ මාක්ස්වාදී ඔස්තාර් කෙනෙක් ලෙසය. එනමුත් අපට පෙනුනදේ එනම් මේ අවුල් හවුල රට වනසන බව අප කියද්දී අනුර දිසානායක ආණ්ඩු පෙරලා කැබිනට් මණ්ඩලයටත් උඩින් ජාතික විධායක සභාව අටවා එහි විධායක සභිකයෙකු ලෙස අසුන්ගන්නේය. මන්ත්‍රීවරුන්ට අචාර ධර්ම පද්ධතියක්ද හද්න්නේය. දැන් පාරට පැන මජර ආණ්ඩු යැයි කියමින් සිඟිති ආතල් දෙන්නේය. අනුර දිසානායක නම් කෂඩයා දේශපාලන වශයෙන් පාහරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය හා එකී නොකී දෑ ගිරිය පලාගෙන කෑ ගැසූ ඔහුගේ සීතාම්බර පට සළුව තුලින් පෙනෙන්නේ අමු නිරුවතය . දැන් ද්‍රෝහී අනුර දිසානායක දේශපාලන නිගණ්ටයෙකි.

කැලුම් ජයසුමන

Sunday, June 21, 2015

තම පැවැත්ම උදෙසා, යුධ විරුවන් පාවාදීම, ජනපති හා අගමැති අතින් සිදුවේද?



"විදුලි පුටුව" ගැන කථා බහ ජනවාරි 8න් පසුව නෑසී ගියේය.. ජයග්‍රහණයෙන් උදම් ඇනූ, යහපාලන පාක්ෂිකයින්, පරාජිත එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඇසූයේ, "කෝ බන් ඒ කාලේ උඹලා කරේ තියන් නටපු විදුලි පුටුව..?" කියමින්ය. බොහෝ කල් සැඟව සිටි "විදුලි පුටුව" දිය යට ඔබා, තදින් අල්ලා සිටි රබර් බෝලයක් අත ඇරුණු අයුරින්, දිය මත පාවෙන්නට විය.. ජනපති මෛත්‍රී තම ආරක්ෂාව වෙනුවෙන් පැවසුණු එක වචනයකින්, සැඟවී තිබූ ඉතා වැදගත් කරුණක් සමාජයට නිරාවරණය වන්නට විය.

මාතර සිසාරා හැමූ "මහින්ද සුළඟේ" පහස ලබන්නට ආ ජනකාය, ශ්‍රී ලාංකික දේශපාලනය, උඩු යටිකුරු කරන්නට වූ බව අපි දනිමු. ඒ සමඟම පැවැත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය තුල වූ චණ්ඩ මාරුතයද, එහි සභාපති මෛත්‍රීපාල සිරිසේනයන්හට කිසිදු සැනසුමක් ලබා දුන්නේ නැත. අවසන, මහින්ද රාජපක්ෂ මහතා හා එක්වීම සඳහා සය සමාජික කමිටුවක් පත් කල බැව්, අප පෙර ලිපියෙන් සඳහන් කලෙමු.

කථාවේ උඩු පිනුම් සහ බඩ පිණුම් පමණක් නොව, විසිල් හා බල්ටිද ඇරඹෙන්නේ මෙතැන් සිටය...

සය සාමාජික කමිටුව, පත්කල දිනට දින දෙකකට පසුව ජනපති මෛත්‍රී හමුවිය.. සම්මේලය දා තිබූ වෙස් මුහුන වෙනුවට, වෙනත් වෙස් මුහුණක් දමා තිබූ බවක්, සය සමාජික කමිටු සාමාජිකයින්ට වැටහෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ප්‍රධාන දෙබස් පහත සඳහන් අයුරින් සිදුවිණු බව සැලයි.

ඔබතුමා මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය දෙනවද ජනපති තුමනි..?

නෑ.. ඒක දෙන්න විදිහක් නෑ.. මට බලපෑම් තියෙනවා....

එහෙමනම්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න පුළුවන්ද?

බෑ.. ඒකත් කරන්න වෙන්නේ නෑ.. 

එහෙනම් ඔබතුමා එතුමට නාම යෝජනා දෙනවද?

නෑ.. ඒක කරන්න වෙන්නෙත් නෑ..

එහෙනම් ඇයි ඔබතුමා කමිටුවක් දාල සාකච්ඡාවක් කැඳෙව්වේ... ඔබතුමා එතුමට මොනාද දෙන්න බලාපොරොත්තු වෙන්නේ...

මහින්දට කැම්පේන් එක කරන්න කියන්න.. මාත් එක්ක වේදිකාවට නැගලා, ශ්‍රී. ල. නි. ප. ය දිනවන්න උදව් කරන්න කියන්න. මම එතුමාට සම්භාවනීය තනතුරක් හදලා දෙන්නම්. කථානායකයි, අගමැතියි අතර තනතුරක් හදලා අදාල පහසුකම් එක්ක මම එයාට තැනක් වෙන් කරලා දෙන්නම්...

ඒකට නම් මහින්ද මහත්තයා එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි ජනාධිපතිතුමා...

එහෙනම් කරන්න දෙයක් නෑ.. ඇමෙරිකාවයි, එන්ගලන්තෙයි, ඉන්දියාවයි කියන රටවල් තුනම එයාව ඉල්ලනවා.. රනිල් දෙන්න කැමතියි ඕනම වෙලාවක.. මම තමයි මෙයාව බේරගෙන ඉන්නේ... මහින්ද මැතිවරණෙට ඉල්ලනවානම්, මටත් සිද්ධ වෙනවා එයාව භාර දීලා අත පිහදා ගන්න.

මේ වෙන කිසිවෙකුත් නොව, එදා යහපාලන වේදිකාව තුල"මහින්ද රාජපක්ෂ තියා, මේ රටේ කිසිදු යුධ සෙබලෙකුට විරුද්ධව මානව හිමිකම් ඡෝදනා නගන්න, මම ජාත්‍යාන්තරයට ඉඩ දෙන්නේ නෑ" කියා කෑ ගැසූ සරල මනුස්සයාම නොවේද?

මේ තුච්ඡ වූ කෑදර කමකි. බලයට කෑදර නැති සරල ජනාධිපති, අගමැති කියන දෙදෙනාතම බලය රැක ගන්නට කරන, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අයුරින්, ඉතා නින්දිත, තුච්ඡ, පාහර ලෙසට, අප මාතෲ භූමියේ සදාතනික විරුවන් පාවා දීමට කටයුතු කරන අයුරුයි.

මේ සදන්නේ, යක්ෂ, නාග, රාක්ෂ, දේව යන සිව් හෙලයන්ගෙන් සුසැඳි සිංහලයින් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ඔබ අපි තුල තිබූ නිර්භීත භාවය උකසට තැබීමක් නොවන්නේද? මේ වූ කලී, උතුම් ශ්‍රී ලාංකික ජාතිය තුල තිබූ ප්‍රෞඪත්වය උකසට තැබීමක් නොවන්නේද? කුඩා කැබලි වලට වෙන්ව යමින් තිබී එක් සේසත් කල රාජ්‍යයක් සෑදූ ජාතියේ විරුවන්ව පාවා දීමක් නොවේද? සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන්න නොතකා ඔබ අපි ජීවත් වූ මාතෲ භූමිය උගසට තැබීමක් නොවේද?

අප රටේ නායකත්වයෙන් බලාපොරොත්තු විය යුත්තේ මෙයද? අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පිටරටවල් වලින් ඉල්ලද්දී, ඔවුන් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරි, ජනතා හිතවදී නායකයාව තම පැවැත්ම සඳහා බිලි දීමට තැත් කිරීම, රටේ මහජනතාව නියෝජනය කරන, නිදහස් පුරවැසියෙක් ලෙසට අනුමත කරනවානම්, ඔබව "අමනයෙක්" ලෙස හැඳින්වීමට අකමැත්තෙන් වුවද අපට සිදු වේ...

Saturday, June 20, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම රටේ අනාගතයට කෙසේ බලපායිද?


වත්මන් ශ්‍රී ලංකා දේශපාලනය, වෙනත් කිසි දිනෙක නොවූ විරූ තරම් මහජන අවධානයට යොමු වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් වෙත භාහිර පාර්ශ්වයන් වෙතින් කෙරෙන බලපෑම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ රජය දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම, පාඨලී ප්‍රමුඛ සිල් රෙදි පොරවා ගත් අයගේ කියුම්, කෙරුම් බවට පත් නොවීම, ජවිපේ ආණ්ඩුව පෙරලීමට දර දිය ඇද, වර්තමානයේ ජාමය බේරා ගැනීමට උත්සාහ කිරීම වැනි කටයුතු නිසා, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව අසහනයට පත් වී ඇති බව අමුතුවෙන් පැහැදිලි කරන්නට තරම් නොවන බව හැඟේ. මේ සියළු කටයුතු පරදා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ හැංගි මුත්තන් අවසන් වී, යළි රටේ දේශපාලන නායකතවයට පණ පෙවීම සඳහා, ප්‍රසිද්ධ වේදිකාවට එන බව, විවිධ ස්ථානවලදී ව්‍යංගාර්ථයෙන් පැවසීම තුල සියළු දේශපාලන පක්ශවල, න්‍යාය පත්‍රයන්, නැවත සැකසීමට සිදු වී ඇති බව ඉතාම පැහැදිලිව ගම්‍ය වන කරුණකි. 

මෙහි උච්ඡතම අවස්තාව වනුයේ 2015. 06. 16 වන අඟහරුවාදා පවත්වනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය බව පැහැදිලිය. කුමාර වෙල්ගම, ධනසිරි අමරතුංග සහ ඩිලාන් පෙරේරාගේ ප්‍රභල වාග් ප්‍රහාරයත්, ප්‍රසන්න සෝලංග ආරච්චිට සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පක්ෂ සාමාජිකයින්ගෙන් එල්ල වූ, බලවත් ප්‍රතිරෝධයත් නිසා, එහි සභාපති මෛත්‍රීපාල සිරිසේනයින් හට, සය සාමජික කමිටුවක්ද පත් කිරීමට සිදු විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම සඳහා ලෙස හැඳින් වූවත්, එහි සත්‍ය අරමුණ වන්නේ "මහින්ද රාජපක්ෂයින් හා එකතු වීම" බව රහසක් වන්නේ, කාටදැයි අපට සිතාගත නොහැක. නමුත් මේ කමිටුවේ සිටින පුදගලයින් සය දෙනාම, මහින්ද වාදී පුද්ගලයින් වීම, ඌරගේ මාළු ඌරගේ ඇඟේ තබා කැපීමේ න්‍යායක් බවට, දේශපාලනය ගැන අවම දැනුමක් තිබෙන කුඩා දරුවෙකුට වුව නොතේරේ නම් එය පුදුම සහගත කරුණකි.

ඊයේ මේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් හමුවිය. අද හෝ හෙට දිනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට නියමිතව ඇත. නමුත් මේ සාකච්ඡා සාර්ථක වීමට ඇත්තේ, ඉතා අඩු සම්භාවිතාවක් ලෙස අපි දකිමු. මහින්ද විරෝධී පාර්ශ්වයන් තුල ඇති වූ හදිසි කලබලයත්, අසහනයත් නිසා ඔවුන්ගේ සිත් සනසන්නට යන ජනපති මෛත්‍රීට, මේ පිළිබඳ සිතට එකඟව කිසිදු තීරණයක් ගන්නට නොහැකි වන බව, ඔහුගේ අතීත ක්‍රියාතුලින් නොහැඟෙන්නේ නම්, ඔහු හෝ ඇය අවම මට්ටමේ දේශපාලන දැනුමක් නැති ලමා ලපටියෙක් විය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 95%කටත් වඩා මහින්ද මහතා සමඟ රැදී සිටීමත්, අනෙක් 5% එජාප ආණ්ඩුවක් පිහිටුවීමට දැඩි විරුද්ධත්වයක් දැක්වීම තුල, ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා, දැඩි අපහසුතාවයකට ලක් වෙන බව පැහැදිලිය..

එම නිසා මේ සාකච්ඡා අසාර්ථක වුව හොත්, මේ සටන "ගල උඩ සටනක්" වනු ඇත. එනම් මහින්ද රාජපක්ෂ හෝ වේවා, රනිල් වික්‍රමසිංහ හෝ වේවා පරාදවන අපේක්ෂකයාගේ දේශපාලන ගමන සදාකාලිකවම අවසන් වීමට ඉඩ ඇති බැවිනි.

නමුත් ලිපිය ආරම්භයේදීම, අප සඳහන් කල කරුණු නිසා, මහින්ද රාජපක්ෂ මහතාට වැඩි වාසියක් ගෙන දීමට ඇති ප්‍රවණතාවය වැඩි යැයි අප සඳහන් කරන්නේ, වෙන කිසිවක් නිසා නොව, ජනවාරි 8 වන දිනට පසු, මේ රටේ ඉදිරි ගමනට යහපත් අඩිතාලමක් දමන්නට, එජාපය ප්‍රමුඛ හවුල් කරෞවන්ට, අද වෙනවිටත් නොහැකි වී ඇති නිසාය.

Friday, June 5, 2015

ජාතික සංවර්ධනයේ මෙන්ම ආර්ථිකයේ කඩා වැටීමට, නිදහසට කරුණු තිබෙනවාද?


අපි අපේ මතකය අවම වශයෙන් 2004 වසර දක්වා ගෙනියමු. ඇහැට කඳුලැලි නංවන සංවේදී යුගයකට හිත යොමු නොකිරීම සඳහා 2004 වසරෙන් නවතිමු. ඔබට මතකද ඒ අතීතය..?

2005 වෙනකන් වූ අතීතයේ, වර්ථමාන සාධක දෙස මඳකට හැරී බලමු.. ප්‍රභල දේශපාලන නායකයන් සේම ජාතික ආරක්ෂාව සම්භන්ධ ඉහල පෙලේ හමුදා නායකයන්, මහ මඟදී සතුන් සේ ඝාතණය වූ සමයෙකි. නිතර දෙවේලේ යන එන පාරවල් වල විශාල ප්‍රමාණයේ වලවල් හෑරී තිබූ සමයකි. අකුරු කරපු පාසල් වල ප්‍රමාණවත් භෞතික සම්පත් නොවූ සමයකි. රෝහල්වල තත්ත්වයද එසේමය.. දුම්රියේ වැඩට ගිය ජනතාව නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කලේ එහෙමත් දවසකය. ජාතික ආර්ථිකය, කොටස් වෙළඳපල පිළිබඳව සඳහන් කරන දර්ශකයන් අවම සීමවන් වල රැදී තිබීම සාමාන්‍ය කරුණක් විය. තවත් අනන්තවත් කරුණු ලිවිය හැකි මුත් ඉහත සඳහන් කල ප්‍රධානතම කරුණු කිහිපයෙන් අපි 2005ට එහා අතීතය පිළිබඳව කථා කිරීම මඳකට නවතා ඉදිරියට යමු.

2005ට පසුව එන අතීතය විමසමු. 2005 සිට 2009 වන කාලය යුද්ධයේ මතක, ප්‍රධාන වශයෙන් අපේ සිතේ සටහන් වූ වසර කිහිපයකි.  සාම සාකච්ඡා අසාර්ථක වූ තැන යුද්ධය ඇරඹින. මාවිල් ආරුවෙන් ඇරඹි මානුශීය මෙහෙයුම, නොනැවතී ඉදිරියට ගියේ ශ්‍රී ලාංකික ජන හදවත් තුල නිදහසේ සෙවනැලි ජනිත කරමිනි. ඒ අතරතුර හමුදාපති තුමාද, ආරක්ෂක ලේකම් තුමාද, වර්තමාන ජනාධිපති තුමාවද ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් විය.  නමුත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තිබූ විධිමත් බව නිසාත්, සමස්ත ශ්‍රී ලාංකිකයින්ට තිබූ වාසනාව නිසාත් එම වෑයම් ව්‍යවර්ථ වූ බව අපි සිතමු. එහි අවසන් ප්‍රතිපලය ලෙස, සමස්ත ශ්‍රී ලාංකිකයාට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වූ විශ්වාසය තහවුරු කරමින්, 2009 මැයි 18 වනදා කුරිරු යුද්ධය, නන්දි කඩාල් කලපුවෙන් නිමාවිය... පශ්චාත් යුධ කටයුතුද පැවති ණ්ඩුව විසින් ක්‍රම ක්‍රමයෙන් විසඳනු ලැබීය.

2010 සිට 2015 තෙක් අපි දකිනුයේ, ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් කරා ඇදී ආ කාලයක් ලෙසය. 2005ට  කලින් අප සඳහන් කලය පිළිබඳව සඳහන් කරද්දී, දැක්වූ කාරණා එකින් එක මඟ හැරෙන්නට පටන් ගත් බව ඔබට මතක ඇති. පාතාල ක්‍රියාකාරකම් අඩුවන්නට විය. මහාමාර්ගවල තත්ත්වය දියුනු වන්නට විය. පාසැලට, රෝහලට භෞතික සම්පත් ලැබෙන්නට විය. විදේශ ආයෝජන පැමිණෙන්නට විය.. සමහරු කොටස් වෙළඳපලේ ආයෝජනය රැකියාවක් ලෙස කරන්නට පටන් ගත්තේය.. විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නට විය. සිහින ලෙස පැත්තකට දමා තිබූ අධිවේගී මාර්ග, මහා පරිමාණ විදුලි බල ව්‍යාපෘති, විකල්ප ගුවන් තොටුපලවල්, විකල්ප වරායන් බිහි වන්නට විය. කෘශි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේශ්ත්‍ර වලට යහපත් කාලයක් උදාවිය. ඊට අමතරව නාගරික සංවර්ධනය පැත්තෙන් වූ දියුණුව පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැති බව හැඟේ..

මීලඟ කාලය ශෝචනීයය.. පාලකයින්ගේ දූෂන වංචා විපක්ෂය විසින් හෙලි කරන්නට කටයුතු කරණු ලබයි.. මැතිවරය ලං වෙන්න ලං වෙන්න දේශපාලකයින්ගේ මත්කුඩු, හොර එතනෝල් ව්‍යාපාර ගැන හෙළි කරයි. මෙගා ඩීල් ගැන හෙළි කරයි, අති විශාල ලෙස ඉපැයූ කොමිස් මුදල් ගැන හෙළිවන්නට විය.. රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉපැයූ විදේශීය වත්කම් ගැන හෙළිවන්නට විය.. තම තමන්ගේ සුඛ විහරණය පිණිස ගෙන ආ අධි සුඛෝපභෝගී වාහන, ගුවන් යානා, පමණක් නොව මිල අධික සුරතල් සතුන් ගැනද හෙලි වන්නට විය. ඇසට පෙනුන, බලාපොරොත්තු තැබිය හැකිව තිබූ "කේතුමතිය" පරදා, නොපෙනුන දූෂණ හා වංචා ඉතා දැඩි ලෙස මිනිසුන්ට දැණුන බව හැඟින. ඉතා කුඩා කාලයක් තුල, අප කරුණු තුනක් ගැන දැඩිව විශ්වාස කලෙමු. ඒ "යහපාලනය", "වෙනස" සහ "දින සියයක් තුල අළුත් රටක්" නම් සංකල්ප තුනයි. රජය පෙරළුනි. මිනිසුන් යහපත් රටක් පිළිබඳ බලාපොරොත්තු මත, ජීවිතය අළුතින් ඇරඹීය.

එතනින් පසු 2015 වසර නැවත ආවර්ජනය කරමු. පසුගිය මාස පහ තුල ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘති ඇන හිටිනි.  කල්බදු හා ණය මත පදනම්ව ඒ සඳහා වාහන යෙදවූවන් පළමුව නන්නත්තාර වී ගියේය. සෘජු රැකියා ලක්ෂ පහකට නැවතීමේ තිත වැටිණ. අපේ රුපියල එන්න එන්නම අගාධය වෙත ලං වෙන්නට පටන් ගති. මහ බැංකු අපරාධය රැලි පිට රැලි නංවන්නට විය. ඩොලරය කිසිදා නොවූ විරූ ලෙස ඉහල යමින් සිටී.. කොටස් වෙළඳපළ ගැන හාවක් හූවක් නැත. මහා මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් මෙන්ම අත්‍යාවශ්ය සේවාවලද යාවත්කාලීන වීම් ඇන හිට ඇත.නාගරික සංවරධනයද එසේමය.. පහුගිය රජයෙන් කල ඉදිකිරීම් කරගෙන යනවා තබා, එම කටයුතු නඩත්තු කිරීමටද වත්මන් රජය අපොහොසත්ව ඇති බවක් පෙනේ.. පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වයය පිළිබඳවද අපට තිබෙනුයේ දැඩි ගැටළු කාරී තත්ත්වයකි. මැතිවරණයට කලින් කතා කල වංචා දූෂණ සීග්‍ර ලෙස පහල ගොස් තිබේ... ගැසූ විසිල්, බල්ටි බවට පෙරලෙන යුගයක සළකුණු පෙනෙන්නට නැත.

ඉතින්, ජාතික සංවර්ධනයේ මෙන්ම ආර්ථිකයේ කඩා වැටීමට, නිදහසට කරුණු තිබෙනවාද?

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප දකින යථාර්ථය මෙයයි.. මෙය සුභවාදී යථාර්තයක් කරන්නට, වත්මන් රජය කටයුතු කලේ නැත්නම්, ඊලඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඔවුන්ට සිහිනයක් වන්නේ, අතට ගත්ත දේ කටට දමා ගන්නට තිබෙන වාසනාවද අහිමි කර ගනිමින් බව ඔවුන් සිතට ගත යුතුය. පහතින් දැක්වෙන්නේ ඊයේ මුහුණු පොතේ සිදුවූ ඡන්දයක ප්‍රතිපලයි..



විද්වත් සංවාදයකට විවෘතයි..

අපේ ෆේස් බුක් පිටුව හා එක් වී ඉක්මනින් ලිපි කියවන්න.....

Thursday, June 4, 2015

සැලසුම් කරන පාර්ලිමේන්තුවකට, මහ ජනතාව වන ඔබ ඉඩ දෙනවාද? Will you agree to a pre-planned parliament ?


පදුරු වටේ තැලීමට අවශ්‍ය නැත. අප කතා කරන්නට සූදානම් වනුයේ "දියවන්නාව තරණය කරන්නට ඔබ සූදානම්ද?" යනුවෙන් හැඳින්වෙන, කිලී මහරාජාගේ පාර්ලිමේන්තුවට තම බලය යෙදීමේ ඊනියා සැලසුම් ගැනය.

අදටද සියළුම පක්ෂ නියෝජනය කරවමින් මහරාජාගේ වන්දි භට්ටයින් පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා වලට රින්ගවා ඇති බව ඔබත් අපත් ඉතා හොඳින් දන්නා දෙයකි. කිසිදු දේශපාලනික අත්දැකීමක්වත්, දේශපාලනික පරිසරයක්වත් නැති කිහිප දෙනෙක්, රටේ පරිපාලනය උදෙසා එක්තරා සන්විධානාත්මක ආයතනයක් විසින් පාර්ලිමේන්තුවට ඇතුල් කිරීමට වෙර දැරීම ජුගුපසාජනක බව මට හැඟේ.. එමෙන්ම ඒ තුල සැඟවී තිබෙන න්‍යාය පත්‍රය කුමක්ද යන්න අවභෝධ කර ගැනීමට අපට අමුතුවෙන් සිතිය යුතු කරුණු කාරණා නොමැති බව අප විශ්වාස කරමු.

"දියවන්නාව තරණය කිරීමට ඔබ සූදානම්ද?" නමින් කිලී මහරාජා විසින් බිහි කරන්නට සූදානම් වන මෙම ඊනියා පාර්ලිමේන්තුකරණය වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ යැයි ඔබ සිතනවාද?

කිලී මහරාජාගේ න්‍යාය පත්‍රය ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට අවැසි නැත. අප රටෙහි ආර්ථික, සංස්කෘතික, දේශපාලනික බලය ඇල්ලීමේ කූඨ උපාය දැන් දැන් වේගවත් කරමින් සිටින බව පැහැදිලිය.. ඉන්දියානු සංස්කෘතිය රූපවාහිණිය තුලින් පැතිර වූ ඔවුන්, අන්තවාදී ක්‍රියා සම්භන්ධව ප්‍රවෘත්ති තුල නිහඬ විය. අද වන විට "විනෝදාත්මක" රටාවෙන් මිදී "දේශපාලණික" රටාවකට කිලී මහරාජාගේ මාධ්‍යයන් හැල්මේ දුවන්නේ, මෙවර පාර්ලිමේන්තුවේ තෙවැනි ආසන ප්‍රමාණය "කැපිටල් මහරාජා" සමූහය වෙත ලබා ගන්නා අදහසින් බව පැහැදිලිය.

කිලී මහරාජා නියෝජනය කරන්නේ අන්තවාදී දමිල ඩයස්පෝරාව බව අමුතුවෙන් කිව යුතු නැත. නිකමට සිතන්න... උතුරෙන් අන්තවාදීව 15 දෙනෙක් පාර්ලිමේන්තුවට පිවිසෙන බව අමුත්තක් නොවේ.. දකුණෙන් කිලී මහරාජා තවත් 15ක් අන්තවාදී දෙමල ඩයස්පෝරා මුදලින්, න්‍යාය පත්‍රයක් සහිතව පාර්ලිමේන්තුවට යවන්නට සැලසුම් කරමින් ඔහුගේ සල්ලි ගස සොලවයි... පාර්ලිමේන්තුවේ 225න් 30ක් අන්තවාදී න්‍යය පත්‍රයේ කටයුතු කරන්නට නියමිතය.... ඔබට පැහැදිලිද වෙන්න යන දේ... කිසිදු පක්ෂයකට මොවුන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වෙන්නේ නැත.. බුද්ධිය විමසන්න.. ඔබේ මනාපය විමසිලිමත්ව පාවිච්චි කරන්න.
ඉතින් මේ සා මුදල් ප්‍රමාණයක් විසි කරමින්, විවිධ පක්ෂ නියෝජණය කරවමින්, කිලී මහරාජාගේ අන්තවාදී තැරැව් කරුවන් වෙත පාර්ලිමේන්තු දොර විවර කර දීම සඳහා ඔබේ වටිනා මනාපය පාවිච්චි කිරීම ගැන ඔබ දෙවරක් සිතුවාද?

===================================================================

There's no need to beat around the bush. We will be talking about the programme so called 'are you ready to cross Diyawanna'; the famous Kili Maharaja's coup on taking over the parliament.

It is quite clear to us that even today many of Kili Maharaja's people are there in the parliament as well as provincial councils as representives from each political party. We believe that the effort by one organization to make a group of people who doesn't possess any kind of political related experience or a background cross Diyawanna is unacceptable. The hidden agenda of the process is well known to everyone who has a brain inside their heads.

Do you actually believe that it falls in a parallel line with democracy and worth your vote?
The agenda of Kili Maharaja is not new to anyone among us. It is clear that they had fastened the schedules of taking over the economic, cultural and political power. While spreading Indian culture through television they kept their mouth shut whenever there happened a case of injustice. They had moved from 'entertainment' to 'politics' in order to gain the slogan as the third most powerful party in the parliament to Capital Maharaja's.

What Kili Maharaja stands on be half of is not a secret for they are visibly being biased to Tamil diaspora. Just give it a thought...It's no secret that 15 from North who bear Prabhakaran's opinions in their heads will be seated in the parliament. And Kili Maharaja is spending lavishly to send another 15 to the parliament with the same opinion with a hidden agenda fed by Tamil diaspora. 30 out of the 225 in the parliament is scheduled to follow the agenda of the Tamil diaspora. Can you guess what will be next? No party will be of the power to make a government without this 30. Knock all the doors of your brain. Use your vote smartly.

Did you re-consider about using your vote to recommend these unworthy brands to the market where you will have to regret later when buying the consequences ?