ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Saturday, July 4, 2015

බයියෙක් වෙලා ජෙප්පෙක් වෙලා ටොයියෙක් වෙච්ච මිනිසෙකුගේ කතාවක්...


මම ගමේ බයියෙකු වෙමි. හද්දා පිටිසර ගමක ඉපිද, 
විශ්ව විද්‍යාලය සදහා කොළඹ පැමිණ, එහිදී ජෙප්පෙක් වුනිමි. 
රැකියාව නිසා ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය 
ඇතුළු ලෝකයා සියැසින් දැකගතිමි.
මගේ ගමත්, කොලඹත්, අපේ ලංකාවත් එසේ වේ යයි බලා සිටියෙමි.

මම අතීතයට යමි. මම යුද්ධය සියසින් දුටුවෙමි. 
ජිවිත බියෙන් එහි රුදුරු බව වින්දෙමි.
ගමේ දී වෙඩි හඩට බියවී අම්මාට ගුලිවුනෙමි. 
කොළඹදී බෝම්බ වලට බියවී අසරණ වුනෙමි.
සියලු දෙනාගේ එකතුවෙන් යුද්දය දිනු දා සියැසින් දුටිමි. වින්දෙමි.

යුද්දෙන් පසුව වූ රටේ සංවර්ධනය සියැසින් දුටිමි. 
මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කලෙමි.
ය, මහින්දට කලා හැකි බව හිතුවත් 
මහින්දගේ අඩුපාඩු වලට 'පාඩමක්' ඉගැන්වීම ඕනවුනි. 
යහපාලනයත්, වඩා හොද රටේ සංවර්දනයක් වෙනුවන් 
මම මෛත්‍රීට කඩේ ගියෙමි. 
ජනවාරි 8 වනදා මම ටෝයියෙක් වීමි.

පසුගිය දින 185 ක් ඇතුලතදී මා බලාපොරොත්තු වූ 
යහපාලනය හා රටේ සංවර්ධනය සිහිනයක් වුනි. 
යමක්වුනි . බොහෝ දේ නොවුනි
නායකත්වයේ දුබලත්වයත් , නොහැකියාවත් අත් දුටිමි. 
කෝටි 750 ක් බැදුම්කර මගින් මහින්දට වඩා හොරකම් කර, කෙළ වු 
ආණ්ඩුවක් ඉතුරුවුනි. 

ඉස්සර ගමේ සිට පැමිණ නහය ඇරගෙන බේරේ වැව ලඟින් බහින්නට හැදුව, 
කුණුගොඩක් වී තිබුන පිටකොටුව මතක් වුනි.
කොළඹ ලස්සන කිරීමට ගොඩ නැගු ෆ්ලොටින් මාකට්,
ආකේඩ්,නාවල උයන් ගෝල්ෆේස් එකේ සිට සියලුම පේමන්ට් සාදා,           දියත උයන සහ වෝටර්ස් ඒජ්, සිතුවේවත් නැති හයි වේ, 
ගුවන් පාලම සාදා 
මාර්ග අවහිර අඩු කර රට හිතා ගන්නට බැරි විදියට දියුණු වන හැටි සියැසින් දුටුවෙමි.
මගේ ගමේ ඇති කිසිම දේශපාලකයෙකුගේ ඇස නොගැටුණ පාරවල් 
කාපට් වුන හැටි සියසින් දුටුවෙමි..
නමුත් මා තව තවත් හොද රටේ සංවර්දනයක් වෙනුවන්,
යහපාලනයක් වෙනුවන් පෙනී සිටියෙමි.

යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු. 
යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු. 
ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.

මෛත්‍රී ජනපති වුන එක ගැන දුකක් නැත. නැවතත් මේ රටේ ඉදිරියට යා යුතුය. 
රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරමි. 

රැකියාවේ දී දහස් ගණන් වියදම් කර 
නායකත්ව පුහුණු මගින් ඉගෙනගත් දේ මම ඔබ තුල දුටිමි.
දැක්කම, නායකත්වයේ මෘදු බව, අවලාද වලින් නොසෙල්වෙන ඉවසීම, රට ට ඇති ආදරය, මිනිසුන්ට ඇති ලෙන්ගතු බව මම දුටුවෙමි.

මම නැවතත් ගමට ඒමි. ගමේ බයියෙකු වෙමි.
අගමැති විය යුත්තේ මහින්ද මය. මම දැන් සිතමි.