ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Saturday, June 20, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම රටේ අනාගතයට කෙසේ බලපායිද?


වත්මන් ශ්‍රී ලංකා දේශපාලනය, වෙනත් කිසි දිනෙක නොවූ විරූ තරම් මහජන අවධානයට යොමු වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් වෙත භාහිර පාර්ශ්වයන් වෙතින් කෙරෙන බලපෑම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ රජය දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම, පාඨලී ප්‍රමුඛ සිල් රෙදි පොරවා ගත් අයගේ කියුම්, කෙරුම් බවට පත් නොවීම, ජවිපේ ආණ්ඩුව පෙරලීමට දර දිය ඇද, වර්තමානයේ ජාමය බේරා ගැනීමට උත්සාහ කිරීම වැනි කටයුතු නිසා, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව අසහනයට පත් වී ඇති බව අමුතුවෙන් පැහැදිලි කරන්නට තරම් නොවන බව හැඟේ. මේ සියළු කටයුතු පරදා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ හැංගි මුත්තන් අවසන් වී, යළි රටේ දේශපාලන නායකතවයට පණ පෙවීම සඳහා, ප්‍රසිද්ධ වේදිකාවට එන බව, විවිධ ස්ථානවලදී ව්‍යංගාර්ථයෙන් පැවසීම තුල සියළු දේශපාලන පක්ශවල, න්‍යාය පත්‍රයන්, නැවත සැකසීමට සිදු වී ඇති බව ඉතාම පැහැදිලිව ගම්‍ය වන කරුණකි. 

මෙහි උච්ඡතම අවස්තාව වනුයේ 2015. 06. 16 වන අඟහරුවාදා පවත්වනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය බව පැහැදිලිය. කුමාර වෙල්ගම, ධනසිරි අමරතුංග සහ ඩිලාන් පෙරේරාගේ ප්‍රභල වාග් ප්‍රහාරයත්, ප්‍රසන්න සෝලංග ආරච්චිට සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පක්ෂ සාමාජිකයින්ගෙන් එල්ල වූ, බලවත් ප්‍රතිරෝධයත් නිසා, එහි සභාපති මෛත්‍රීපාල සිරිසේනයින් හට, සය සාමජික කමිටුවක්ද පත් කිරීමට සිදු විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම සඳහා ලෙස හැඳින් වූවත්, එහි සත්‍ය අරමුණ වන්නේ "මහින්ද රාජපක්ෂයින් හා එකතු වීම" බව රහසක් වන්නේ, කාටදැයි අපට සිතාගත නොහැක. නමුත් මේ කමිටුවේ සිටින පුදගලයින් සය දෙනාම, මහින්ද වාදී පුද්ගලයින් වීම, ඌරගේ මාළු ඌරගේ ඇඟේ තබා කැපීමේ න්‍යායක් බවට, දේශපාලනය ගැන අවම දැනුමක් තිබෙන කුඩා දරුවෙකුට වුව නොතේරේ නම් එය පුදුම සහගත කරුණකි.

ඊයේ මේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් හමුවිය. අද හෝ හෙට දිනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට නියමිතව ඇත. නමුත් මේ සාකච්ඡා සාර්ථක වීමට ඇත්තේ, ඉතා අඩු සම්භාවිතාවක් ලෙස අපි දකිමු. මහින්ද විරෝධී පාර්ශ්වයන් තුල ඇති වූ හදිසි කලබලයත්, අසහනයත් නිසා ඔවුන්ගේ සිත් සනසන්නට යන ජනපති මෛත්‍රීට, මේ පිළිබඳ සිතට එකඟව කිසිදු තීරණයක් ගන්නට නොහැකි වන බව, ඔහුගේ අතීත ක්‍රියාතුලින් නොහැඟෙන්නේ නම්, ඔහු හෝ ඇය අවම මට්ටමේ දේශපාලන දැනුමක් නැති ලමා ලපටියෙක් විය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 95%කටත් වඩා මහින්ද මහතා සමඟ රැදී සිටීමත්, අනෙක් 5% එජාප ආණ්ඩුවක් පිහිටුවීමට දැඩි විරුද්ධත්වයක් දැක්වීම තුල, ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා, දැඩි අපහසුතාවයකට ලක් වෙන බව පැහැදිලිය..

එම නිසා මේ සාකච්ඡා අසාර්ථක වුව හොත්, මේ සටන "ගල උඩ සටනක්" වනු ඇත. එනම් මහින්ද රාජපක්ෂ හෝ වේවා, රනිල් වික්‍රමසිංහ හෝ වේවා පරාදවන අපේක්ෂකයාගේ දේශපාලන ගමන සදාකාලිකවම අවසන් වීමට ඉඩ ඇති බැවිනි.

නමුත් ලිපිය ආරම්භයේදීම, අප සඳහන් කල කරුණු නිසා, මහින්ද රාජපක්ෂ මහතාට වැඩි වාසියක් ගෙන දීමට ඇති ප්‍රවණතාවය වැඩි යැයි අප සඳහන් කරන්නේ, වෙන කිසිවක් නිසා නොව, ජනවාරි 8 වන දිනට පසු, මේ රටේ ඉදිරි ගමනට යහපත් අඩිතාලමක් දමන්නට, එජාපය ප්‍රමුඛ හවුල් කරෞවන්ට, අද වෙනවිටත් නොහැකි වී ඇති නිසාය.

No comments:

Post a Comment