ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Wednesday, June 24, 2015

අනුර දිසානායකගේ මාක්ස්වාදී හෙළුව සහ ධනවාදී සීතාඹර සළුව...


ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම පහළ මධ්‍යම පන්තියත්, කුල පිඩිතයනුත්, විශ්වවිද්‍යාල ප්‍රජාවත් අකර්ශනිය වූ පක්ෂයකි . යමක් තේරුම් බේරුම් කරගත හැකි සහ අනෙකාගේ දුක දැනෙන රට පිලිබඳ හැගීමක් සහිත මිනිසුන් ඒකරාශි වී ආරම්භවූ දේශපාලන ව්‍යපාරයක් වුවද නායකත්වය සහ ආරම්භක සාමාජිකත්වය මාක්ස්වාදී විය. 

එනමුත් මාක්ස්වාදයේ එන සමහර කොටස් වෙනස් කරමින් රටට ගැලපෙන ලෙස සකස් කිරීම රෝහණ විජේවීරයන් විසින් කරන ලදී. අඩු පාඩු මතු වුවද, නිර්ධන පංති වියාපාරය තුළ දැඩි විශ්වාසයක් ගොඩ නැගීමට එදා විජේවීරයන් සමත් විය. 
ආරම්භ වී සුළු කලකින්ම සන්නද්ධ අරගලයකට බට, ජවිපෙ කියුබානු පන්තියේ ජයග්‍රහණයක් ප්‍රර්ථනා කරන්නට වි නුමුදු ජයග්‍රහණය කෙසේ වෙතත් ජිවිත දහස් ගණනක් බිලිදී අරගලය අවසන් විය.  ජවීපෙ 19

ඉන්පසු නැවත 1993 සිට සංවිධානය වන ජවිපෙ තෝරා ගන්නා මාවත වන්නේ, ජාතික විමුක්ති අරගලය ජයග්‍රහණය තුලින් සමාජ වාදයකි. එය ඉතාමත් කෙටි කලකින් ජනතා ආකර්ශනය දිනාගන්නා ස්වභාවයක් පිළිබිඹු විය. 1994 වසරේ එක් ජනතා නියෝජිතයෙක් තෝරා දෙන ජනතාව පිළිවෙලින් 2000 දස දෙනෙකුද 2001 වසරේ 16 දෙනෙකුද 2014 වසරේ 41 දෙනෙකු වශයෙන් ජනතා ප්‍රසාදයට ලක් වන්නේය. එසේ වේගයෙන් ඉදිරියට එන පක්ෂයේ ගමන පිළිබඳව රනිල් වික්‍රමසිංහ පවසන්නේ අපට ඊළඟ තරගය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බවකි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය දෙන ජවිපෙ, ඉන් අනතුරුව වමේ ව්‍යපාරයට ඉතා ලංවූ ශ්‍රී ල නි ප ය ප්‍රමුඛ වමේ සන්ධානයට පස්ස හරවා විපක්ෂයේ අසුන් ගත්තේය . පිරිහීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. රට පීලිබඳ වැඩි ලෙන්ගතු කමින් පැමිණි ජවිපෙ ඉන් අනතුරුව රටට ද්‍රෝහී පිලිවෙතට තල්ලු කරන ලද බලවේගය කුමක්ද?

අපගේ ප්‍රස්තුත කාරණාව ආරම්භ වන්නේ එතැනදීය . එදා ජවිපෙන් එලියට පැමිණි විමල් විරවංස කියූ ලෙසත් අද ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ දැන් කියන ලෙසත් එම පිලිපැනීමේ නියමුවා අනුර දිසානායකයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල එදා විමල්ට පහර දෙන සැණින් රවී කරුණානායක හරහා සිරස නාලිකාව දැනගත් ආකාරය අද හොදින් පැහැදිලියි. ආසන 41ක් ලබාදී ඊළඟ පිම්මට ජනතාව සූදානම් කරන ලද පක්ෂය අනුර දිසානායක විසින් ඉතා නින්දිත ලෙස පාවා දෙනු ලැබිය . එනම් රනිල් වික්‍රමසිංහ විසින් එදා ප්‍රකාශ කළ අනතුර පහ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසන ලද බව මින් පැහැදිලිය. CIA සහ RAW ඔත්තුකරුවෙකු වූ අනුර දිසානායක ගේ භූමිකාවේ දිග පළල, අද සිටින අයට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. මන්ද අසන 41 ලැබ ඉහල ස්ථානයක ජනතා ප්‍රසාදයක් දිනා සිටි ජවිපෙ අද අත් වී ඇති ඉරණම තුළින් මෙය විග්‍රහ කරගත හැක.

ජවිපෙ පදනම වී ඇත්තේ ශ්‍රී ල නි ප ප්‍රමුක වමේ සංදර්භය තුලය. එසේ නොවී අන්ත දක්‍ෂිනාකශික එජාප කදවුර තුල නොවේ. පක්ෂය රවටා රට රවටා හොර රහසේ අනුර දිසානායක ප්‍රමුඛ ද්‍රෝහී කල්ලිය ජවිපෙ අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහගේ දෙපතුලට පක්ෂය දක්කාගෙන යන ලද්දේ ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයටය. එම වසල ක්‍රියාව සාධාරණිකරණය කිරීම සඳහා පක්‍ෂ සමාජිකයන්ට දෙසා වදාරන්නේ ඒවා සියල්ල උපක්‍රම බවය. සෑම විටම එයට දෙන පිළිතුර වන්නේ ධනේශ්වර ක්‍රමයට අර්බුධයට යවා ජනතාව අන්ත අසරණ කළ විට සියළු ජනයෝ අප පසු පස එනවා කියාය. නමුත් සත්‍ය නම් ධනපති පන්තියේ ඔඩොක්කු කුක්කෙකු වූ අනුර දිසානායකත් ඔහුට බැලමෙහෙවර කරන ඊනිය විප්ලවවාදී නායක මහත්වරු කීපදෙනෙකු නැවත හැරීමට නොහැකි ලෙස උන්ගේ යටහත් සේවකයන් වී ඇති බවයි.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගත් පසු යුද්ධය ආරම්භ කරන ලෙස පස්පඩංගුවේ මහින්දට බැන වැදුනු ජවිපෙ, යුද්ධය ආරම්භකොට සාර්ථක වෙමින් තිබියදී ආණ්ඩුව පෙරලීම සඳහා අයවැය පැරදවිමට චන්දය පාවිචිචි කළ අයුරු මතකයට නැගුවෙනම්, එදා ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදය කියූ ජවිපෙ වැටි ඇති ඉරණම තේරුම් ගැනීමට අපහසු නොවේ. ජාතිකවාදී පිලේ සිටි විමල් වීරවංස ඇතුළු කණඩායම පක්ෂය හැරයාමත් සමඟම ද්‍රෝහී අනුර කුමාර දිසානායකගේ පිල ශක්තිමත් විය. උපතින්ම අමු කුහකයෙකු වූ ටිල්වින්, විරවංස භීතිකාවෙන් පෙලීම නිසාම අනුරට සහය දක්වන්නට විය එදා මේවාට විරුද්ධව වුවද, උපතින්ම නායකත්ව ලක්ෂණ අහිමි සෙවලයෙකු වූ සෝමවංශට පක්ෂය මෙහෙය විය නොහැකි විය . රටින් පිට සිටියදී කළ දේ රට තුලට පැමිණි විට කල නොහැකි විය. ඔහුගේ දියාරු ස්වභාවය නිසා ද්‍රෝහී අනුර දිසානායක ඔහුගේ පාවාදීම ජයටම කරගන යාමට හැකිවිය . ප්‍රතිපලය වුයේ කුමක්ද? ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික පරයන්ගේ උවමනාව වූ මහින්ද පැරදවීම සඳහා 2010 සරත් ෆොන්සේකා පිල්ලියට කඩේ යාමට අනුර දිසානායක පක්ෂය මෙහෙය විය. යුද්ධය දිනා දුන් නායකයාට එදා එරෙහි වූ අනුර දිසානායක ද්‍රෝහීයා 2015 දී එරෙහි වීම අරුමයක්ද?

රනිල් වික්‍රමසිංහගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර දිසානායක පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.

විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද? එසේ මුත් නායකයන්ගේ ළමා ළපටින්ට ඉතා හොඳ අධ්‍යාපනයක් DS , විශාකා ආදී පාසල් වල ලබාදෙන අතර පෙර සඳහන් කල සුත්‍රය ඒ අදාළ වන්නේ නැත. එය සෝමවංසගේ පුතාටද අදාල නැත. දැඩි හීනමානයකින් පෙලෙන අමු දුෂ්ටයෙකු වූ දිසානායක තෙමේ වෛරයෙන් හළ හල විෂ සහිතව දැන් පිස්සුවෙන් මෙන් කියවන්නේ හරියට අපි 2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩු පෙරලා ජනපතිවරු ඉවත්කොට මජර ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් හා ආණ්ඩුවෙන් පත් කළ අයුරිනි.
මේ වන නැස්පත්තිය අප දන්නා සියළු ආකාර වලින් එදා කියද්දී අමු හෙළුවෙන් රනිල්ට කඩේ ගිය අනුර දිසානායක නම් නිචයා දැන් අපට කියන්නේ මේ සියළුම දෑ අප විසින් කරණ ලද වැරදි ආකාරයටය. ජනතාව රවටමින් ඉතා පහත් ආකාරයට හැසිරෙන මේ මිනිසා පෙනෙන්නට හදන්නේ මාක්ස්වාදී ඔස්තාර් කෙනෙක් ලෙසය. එනමුත් අපට පෙනුනදේ එනම් මේ අවුල් හවුල රට වනසන බව අප කියද්දී අනුර දිසානායක ආණ්ඩු පෙරලා කැබිනට් මණ්ඩලයටත් උඩින් ජාතික විධායක සභාව අටවා එහි විධායක සභිකයෙකු ලෙස අසුන්ගන්නේය. මන්ත්‍රීවරුන්ට අචාර ධර්ම පද්ධතියක්ද හද්න්නේය. දැන් පාරට පැන මජර ආණ්ඩු යැයි කියමින් සිඟිති ආතල් දෙන්නේය. අනුර දිසානායක නම් කෂඩයා දේශපාලන වශයෙන් පාහරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය හා එකී නොකී දෑ ගිරිය පලාගෙන කෑ ගැසූ ඔහුගේ සීතාම්බර පට සළුව තුලින් පෙනෙන්නේ අමු නිරුවතය . දැන් ද්‍රෝහී අනුර දිසානායක දේශපාලන නිගණ්ටයෙකි.

කැලුම් ජයසුමන

No comments:

Post a Comment