ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Sunday, June 21, 2015

තම පැවැත්ම උදෙසා, යුධ විරුවන් පාවාදීම, ජනපති හා අගමැති අතින් සිදුවේද?



"විදුලි පුටුව" ගැන කථා බහ ජනවාරි 8න් පසුව නෑසී ගියේය.. ජයග්‍රහණයෙන් උදම් ඇනූ, යහපාලන පාක්ෂිකයින්, පරාජිත එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඇසූයේ, "කෝ බන් ඒ කාලේ උඹලා කරේ තියන් නටපු විදුලි පුටුව..?" කියමින්ය. බොහෝ කල් සැඟව සිටි "විදුලි පුටුව" දිය යට ඔබා, තදින් අල්ලා සිටි රබර් බෝලයක් අත ඇරුණු අයුරින්, දිය මත පාවෙන්නට විය.. ජනපති මෛත්‍රී තම ආරක්ෂාව වෙනුවෙන් පැවසුණු එක වචනයකින්, සැඟවී තිබූ ඉතා වැදගත් කරුණක් සමාජයට නිරාවරණය වන්නට විය.

මාතර සිසාරා හැමූ "මහින්ද සුළඟේ" පහස ලබන්නට ආ ජනකාය, ශ්‍රී ලාංකික දේශපාලනය, උඩු යටිකුරු කරන්නට වූ බව අපි දනිමු. ඒ සමඟම පැවැත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය තුල වූ චණ්ඩ මාරුතයද, එහි සභාපති මෛත්‍රීපාල සිරිසේනයන්හට කිසිදු සැනසුමක් ලබා දුන්නේ නැත. අවසන, මහින්ද රාජපක්ෂ මහතා හා එක්වීම සඳහා සය සමාජික කමිටුවක් පත් කල බැව්, අප පෙර ලිපියෙන් සඳහන් කලෙමු.

කථාවේ උඩු පිනුම් සහ බඩ පිණුම් පමණක් නොව, විසිල් හා බල්ටිද ඇරඹෙන්නේ මෙතැන් සිටය...

සය සාමාජික කමිටුව, පත්කල දිනට දින දෙකකට පසුව ජනපති මෛත්‍රී හමුවිය.. සම්මේලය දා තිබූ වෙස් මුහුන වෙනුවට, වෙනත් වෙස් මුහුණක් දමා තිබූ බවක්, සය සමාජික කමිටු සාමාජිකයින්ට වැටහෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ප්‍රධාන දෙබස් පහත සඳහන් අයුරින් සිදුවිණු බව සැලයි.

ඔබතුමා මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය දෙනවද ජනපති තුමනි..?

නෑ.. ඒක දෙන්න විදිහක් නෑ.. මට බලපෑම් තියෙනවා....

එහෙමනම්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න පුළුවන්ද?

බෑ.. ඒකත් කරන්න වෙන්නේ නෑ.. 

එහෙනම් ඔබතුමා එතුමට නාම යෝජනා දෙනවද?

නෑ.. ඒක කරන්න වෙන්නෙත් නෑ..

එහෙනම් ඇයි ඔබතුමා කමිටුවක් දාල සාකච්ඡාවක් කැඳෙව්වේ... ඔබතුමා එතුමට මොනාද දෙන්න බලාපොරොත්තු වෙන්නේ...

මහින්දට කැම්පේන් එක කරන්න කියන්න.. මාත් එක්ක වේදිකාවට නැගලා, ශ්‍රී. ල. නි. ප. ය දිනවන්න උදව් කරන්න කියන්න. මම එතුමාට සම්භාවනීය තනතුරක් හදලා දෙන්නම්. කථානායකයි, අගමැතියි අතර තනතුරක් හදලා අදාල පහසුකම් එක්ක මම එයාට තැනක් වෙන් කරලා දෙන්නම්...

ඒකට නම් මහින්ද මහත්තයා එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි ජනාධිපතිතුමා...

එහෙනම් කරන්න දෙයක් නෑ.. ඇමෙරිකාවයි, එන්ගලන්තෙයි, ඉන්දියාවයි කියන රටවල් තුනම එයාව ඉල්ලනවා.. රනිල් දෙන්න කැමතියි ඕනම වෙලාවක.. මම තමයි මෙයාව බේරගෙන ඉන්නේ... මහින්ද මැතිවරණෙට ඉල්ලනවානම්, මටත් සිද්ධ වෙනවා එයාව භාර දීලා අත පිහදා ගන්න.

මේ වෙන කිසිවෙකුත් නොව, එදා යහපාලන වේදිකාව තුල"මහින්ද රාජපක්ෂ තියා, මේ රටේ කිසිදු යුධ සෙබලෙකුට විරුද්ධව මානව හිමිකම් ඡෝදනා නගන්න, මම ජාත්‍යාන්තරයට ඉඩ දෙන්නේ නෑ" කියා කෑ ගැසූ සරල මනුස්සයාම නොවේද?

මේ තුච්ඡ වූ කෑදර කමකි. බලයට කෑදර නැති සරල ජනාධිපති, අගමැති කියන දෙදෙනාතම බලය රැක ගන්නට කරන, ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අයුරින්, ඉතා නින්දිත, තුච්ඡ, පාහර ලෙසට, අප මාතෲ භූමියේ සදාතනික විරුවන් පාවා දීමට කටයුතු කරන අයුරුයි.

මේ සදන්නේ, යක්ෂ, නාග, රාක්ෂ, දේව යන සිව් හෙලයන්ගෙන් සුසැඳි සිංහලයින් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ඔබ අපි තුල තිබූ නිර්භීත භාවය උකසට තැබීමක් නොවන්නේද? මේ වූ කලී, උතුම් ශ්‍රී ලාංකික ජාතිය තුල තිබූ ප්‍රෞඪත්වය උකසට තැබීමක් නොවන්නේද? කුඩා කැබලි වලට වෙන්ව යමින් තිබී එක් සේසත් කල රාජ්‍යයක් සෑදූ ජාතියේ විරුවන්ව පාවා දීමක් නොවේද? සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන්න නොතකා ඔබ අපි ජීවත් වූ මාතෲ භූමිය උගසට තැබීමක් නොවේද?

අප රටේ නායකත්වයෙන් බලාපොරොත්තු විය යුත්තේ මෙයද? අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පිටරටවල් වලින් ඉල්ලද්දී, ඔවුන් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරි, ජනතා හිතවදී නායකයාව තම පැවැත්ම සඳහා බිලි දීමට තැත් කිරීම, රටේ මහජනතාව නියෝජනය කරන, නිදහස් පුරවැසියෙක් ලෙසට අනුමත කරනවානම්, ඔබව "අමනයෙක්" ලෙස හැඳින්වීමට අකමැත්තෙන් වුවද අපට සිදු වේ...

No comments:

Post a Comment