ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත සකසමු - Rebuild SL Parliment

Friday, June 5, 2015

ජාතික සංවර්ධනයේ මෙන්ම ආර්ථිකයේ කඩා වැටීමට, නිදහසට කරුණු තිබෙනවාද?


අපි අපේ මතකය අවම වශයෙන් 2004 වසර දක්වා ගෙනියමු. ඇහැට කඳුලැලි නංවන සංවේදී යුගයකට හිත යොමු නොකිරීම සඳහා 2004 වසරෙන් නවතිමු. ඔබට මතකද ඒ අතීතය..?

2005 වෙනකන් වූ අතීතයේ, වර්ථමාන සාධක දෙස මඳකට හැරී බලමු.. ප්‍රභල දේශපාලන නායකයන් සේම ජාතික ආරක්ෂාව සම්භන්ධ ඉහල පෙලේ හමුදා නායකයන්, මහ මඟදී සතුන් සේ ඝාතණය වූ සමයෙකි. නිතර දෙවේලේ යන එන පාරවල් වල විශාල ප්‍රමාණයේ වලවල් හෑරී තිබූ සමයකි. අකුරු කරපු පාසල් වල ප්‍රමාණවත් භෞතික සම්පත් නොවූ සමයකි. රෝහල්වල තත්ත්වයද එසේමය.. දුම්රියේ වැඩට ගිය ජනතාව නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කලේ එහෙමත් දවසකය. ජාතික ආර්ථිකය, කොටස් වෙළඳපල පිළිබඳව සඳහන් කරන දර්ශකයන් අවම සීමවන් වල රැදී තිබීම සාමාන්‍ය කරුණක් විය. තවත් අනන්තවත් කරුණු ලිවිය හැකි මුත් ඉහත සඳහන් කල ප්‍රධානතම කරුණු කිහිපයෙන් අපි 2005ට එහා අතීතය පිළිබඳව කථා කිරීම මඳකට නවතා ඉදිරියට යමු.

2005ට පසුව එන අතීතය විමසමු. 2005 සිට 2009 වන කාලය යුද්ධයේ මතක, ප්‍රධාන වශයෙන් අපේ සිතේ සටහන් වූ වසර කිහිපයකි.  සාම සාකච්ඡා අසාර්ථක වූ තැන යුද්ධය ඇරඹින. මාවිල් ආරුවෙන් ඇරඹි මානුශීය මෙහෙයුම, නොනැවතී ඉදිරියට ගියේ ශ්‍රී ලාංකික ජන හදවත් තුල නිදහසේ සෙවනැලි ජනිත කරමිනි. ඒ අතරතුර හමුදාපති තුමාද, ආරක්ෂක ලේකම් තුමාද, වර්තමාන ජනාධිපති තුමාවද ඉලක්ක කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් විය.  නමුත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව තිබූ විධිමත් බව නිසාත්, සමස්ත ශ්‍රී ලාංකිකයින්ට තිබූ වාසනාව නිසාත් එම වෑයම් ව්‍යවර්ථ වූ බව අපි සිතමු. එහි අවසන් ප්‍රතිපලය ලෙස, සමස්ත ශ්‍රී ලාංකිකයාට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වූ විශ්වාසය තහවුරු කරමින්, 2009 මැයි 18 වනදා කුරිරු යුද්ධය, නන්දි කඩාල් කලපුවෙන් නිමාවිය... පශ්චාත් යුධ කටයුතුද පැවති ණ්ඩුව විසින් ක්‍රම ක්‍රමයෙන් විසඳනු ලැබීය.

2010 සිට 2015 තෙක් අපි දකිනුයේ, ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් කරා ඇදී ආ කාලයක් ලෙසය. 2005ට  කලින් අප සඳහන් කලය පිළිබඳව සඳහන් කරද්දී, දැක්වූ කාරණා එකින් එක මඟ හැරෙන්නට පටන් ගත් බව ඔබට මතක ඇති. පාතාල ක්‍රියාකාරකම් අඩුවන්නට විය. මහාමාර්ගවල තත්ත්වය දියුනු වන්නට විය. පාසැලට, රෝහලට භෞතික සම්පත් ලැබෙන්නට විය. විදේශ ආයෝජන පැමිණෙන්නට විය.. සමහරු කොටස් වෙළඳපලේ ආයෝජනය රැකියාවක් ලෙස කරන්නට පටන් ගත්තේය.. විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නට විය. සිහින ලෙස පැත්තකට දමා තිබූ අධිවේගී මාර්ග, මහා පරිමාණ විදුලි බල ව්‍යාපෘති, විකල්ප ගුවන් තොටුපලවල්, විකල්ප වරායන් බිහි වන්නට විය. කෘශි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේශ්ත්‍ර වලට යහපත් කාලයක් උදාවිය. ඊට අමතරව නාගරික සංවර්ධනය පැත්තෙන් වූ දියුණුව පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැති බව හැඟේ..

මීලඟ කාලය ශෝචනීයය.. පාලකයින්ගේ දූෂන වංචා විපක්ෂය විසින් හෙලි කරන්නට කටයුතු කරණු ලබයි.. මැතිවරය ලං වෙන්න ලං වෙන්න දේශපාලකයින්ගේ මත්කුඩු, හොර එතනෝල් ව්‍යාපාර ගැන හෙළි කරයි. මෙගා ඩීල් ගැන හෙළි කරයි, අති විශාල ලෙස ඉපැයූ කොමිස් මුදල් ගැන හෙළිවන්නට විය.. රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉපැයූ විදේශීය වත්කම් ගැන හෙළිවන්නට විය.. තම තමන්ගේ සුඛ විහරණය පිණිස ගෙන ආ අධි සුඛෝපභෝගී වාහන, ගුවන් යානා, පමණක් නොව මිල අධික සුරතල් සතුන් ගැනද හෙලි වන්නට විය. ඇසට පෙනුන, බලාපොරොත්තු තැබිය හැකිව තිබූ "කේතුමතිය" පරදා, නොපෙනුන දූෂණ හා වංචා ඉතා දැඩි ලෙස මිනිසුන්ට දැණුන බව හැඟින. ඉතා කුඩා කාලයක් තුල, අප කරුණු තුනක් ගැන දැඩිව විශ්වාස කලෙමු. ඒ "යහපාලනය", "වෙනස" සහ "දින සියයක් තුල අළුත් රටක්" නම් සංකල්ප තුනයි. රජය පෙරළුනි. මිනිසුන් යහපත් රටක් පිළිබඳ බලාපොරොත්තු මත, ජීවිතය අළුතින් ඇරඹීය.

එතනින් පසු 2015 වසර නැවත ආවර්ජනය කරමු. පසුගිය මාස පහ තුල ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘති ඇන හිටිනි.  කල්බදු හා ණය මත පදනම්ව ඒ සඳහා වාහන යෙදවූවන් පළමුව නන්නත්තාර වී ගියේය. සෘජු රැකියා ලක්ෂ පහකට නැවතීමේ තිත වැටිණ. අපේ රුපියල එන්න එන්නම අගාධය වෙත ලං වෙන්නට පටන් ගති. මහ බැංකු අපරාධය රැලි පිට රැලි නංවන්නට විය. ඩොලරය කිසිදා නොවූ විරූ ලෙස ඉහල යමින් සිටී.. කොටස් වෙළඳපළ ගැන හාවක් හූවක් නැත. මහා මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් මෙන්ම අත්‍යාවශ්ය සේවාවලද යාවත්කාලීන වීම් ඇන හිට ඇත.නාගරික සංවරධනයද එසේමය.. පහුගිය රජයෙන් කල ඉදිකිරීම් කරගෙන යනවා තබා, එම කටයුතු නඩත්තු කිරීමටද වත්මන් රජය අපොහොසත්ව ඇති බවක් පෙනේ.. පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වයය පිළිබඳවද අපට තිබෙනුයේ දැඩි ගැටළු කාරී තත්ත්වයකි. මැතිවරණයට කලින් කතා කල වංචා දූෂණ සීග්‍ර ලෙස පහල ගොස් තිබේ... ගැසූ විසිල්, බල්ටි බවට පෙරලෙන යුගයක සළකුණු පෙනෙන්නට නැත.

ඉතින්, ජාතික සංවර්ධනයේ මෙන්ම ආර්ථිකයේ කඩා වැටීමට, නිදහසට කරුණු තිබෙනවාද?

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප දකින යථාර්ථය මෙයයි.. මෙය සුභවාදී යථාර්තයක් කරන්නට, වත්මන් රජය කටයුතු කලේ නැත්නම්, ඊලඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඔවුන්ට සිහිනයක් වන්නේ, අතට ගත්ත දේ කටට දමා ගන්නට තිබෙන වාසනාවද අහිමි කර ගනිමින් බව ඔවුන් සිතට ගත යුතුය. පහතින් දැක්වෙන්නේ ඊයේ මුහුණු පොතේ සිදුවූ ඡන්දයක ප්‍රතිපලයි..



විද්වත් සංවාදයකට විවෘතයි..

අපේ ෆේස් බුක් පිටුව හා එක් වී ඉක්මනින් ලිපි කියවන්න.....

No comments:

Post a Comment